Tuesday, January 14, 2020

අතපත ගාලා , ඇතුලට දානා කළබලකාරයා
අද මගේ හොඳම මිත්‍රයගේ දරුවගේ උපන් දිනේ , දැන ගන්න ලැබුණෙ , ෆේස්බුක් එකේ දාපු සටහනකින්, ඉතින් වෙලාවේ හැටියට පොඩ්ඩට පොඩි තෑග්ගක් හදල , පොඩ්ඩිගේ තාත්තගේ ෆේස්බුක් එකට uplaod කළා, අවුරුද්දකට විතර ඉස්සර වෙලා තමයි කෙළි පැටික්කිව දැක්කේ අන්තිමට , දැන් ලොක්කියෙක් , හරිම සතුටුයි , ඉතින් මේ “තෑග්ග“ හදන ගමන් මට ඊළඟ ලිපියටත් මාතෘකාවක් ලැබුණා , ඒ තමයි Happy birthday to you ...කියන , හැම උපන්දිනයකම පොදුවේ කියැවෙන පුංචි ගීතය ,
මොකද ඔය ගීතයෙන් (හැබැයි මේ විඩියෝවේ තියෙන එකනම් නෙවි) අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන් , අපි දැන් කතා කරන්න හදන්නේ අන්න ඒ ලොකු වැඩේ ගැන .ඒ ලොකු වැඩේට බහින්නත් පාරක් කපා ගන්න එපායැ , ඒ නිසා දැන් මේ කරන්නේ අන්න ඒ වැඩේ ,
සිංදුවක් ගැන කීවාට අපිට දැන් මුලින්ම කතර කරන්න වෙන්නේ “විෂබීජ“ ගැන , ඇත්තටම මොනවද මේ විෂබීජ , අපි ටිකක් ඒ ගැන කතා කරමු ...
නොපෙනෙන පැත්තේ කට්ටිය
අපි දැනටමත් දන්නවනේ , අපි හිතන් හිටියට අපිට මේ පේන ලෝකෙ තමයි ඇත්ත කියල ... නැහැ , එහි ඊට ඇතුලතින් අපිට නොපෙන ලොවක් තියෙනවා , ඒ කීවේ අපේ පියවි ඇසට නොපෙනෙන ජීවීන් , ක්‍රියාකාරකම් ගණනාවක් අපි වටා , අපේ ළඟ , අපේ මත සහ අප ඇතුලෙත් සිද්ධ වෙනවා. ඒත් අපේ ඇස ඒ තරම් සුක්ෂම නැති නිසා අපිට ඒ ගැන වගක් නෑ , මෙන්න මේ පියවි ඇසට නොපෙනෙන ජීවීන් හෝ ක්‍රියාකාරකම් කණ්ඩායම් ගණනාවක් ඇති , ඒත් අපි වෛද්‍ය විද්‍යාත්මක පදනමක් අනුව කතා කරන්න යන නිසා අපිට වැදගත් , ක්ෂුද්‍රජීවීන් Micro organism කියන කණ්ඩායම . පොදුවේ මීට අයත් කණ්ඩායම් කිහිපයක් ඉන්නවා ,
රස නැති වයි රස
මුලින්ම වයිරස් Virus , මෙයාලා එකවෙලාකට පණ තියෙනවා වගේ වැඩ කරන අතරේ සමහර වෙලාවට පණ නැති වේලිච්ච දර කෑළි වගේ ඉඳළ , හිටපු ගමන් නැගිටල වැඩ කරන “අමුතුම කට්ටියක්“ . හරි ඉක්මණට “mood “ එක වෙනස් කරගන්න නිසා මෙයාලව තේරුම් ගන්න හරි අමාරුයි , ඒ අමාරුව තේරුම් ගන්න පුළුවන් , මේ පොඩි හෙම්බිරිසාවට තවම ලෝකේ කොහේවත් බෙහෙතක් හොයාගෙන නැහැ කීවම , මොකද හෙම්බිරිසාව ඇති කරන්නේත් මේ වගේ වයිරසයකින් , ඒ විතරක් නෙවි AIDS, Hepatitis B , වගේ ලෙඩ අපිට දෙන්නේ වයිරස් , ඒ වගේම බොහෝම නියුමෝනියා තත්ත්ව , මොළයේ උණ තත්ත්ව ඇති කරන්නත් වයිරස්ලා දායක වෙනවා. හැබැයි ඉතින් කියන්න ඕන , මේ අපි වටේ ඉන්න හැම වයිරසයම අපිට කරදර කරන්නේ නැහැ , තියෙන වයිරස් සංඛ්‍යාව ගත්තොත් බොහොම ටික දෙනයි කරදරකාර තත්ත්වයට පත්වෙන්නේ , හැබැයි මෙයාගේ තියෙන “මූඩ් එක වෙනස්වන සුළු ස්වභාවය “ නිසා මොන වයිරස් එක මොන වෙලාවට අපිට අළුත් ලෙඩක් දායිද කියන්න නම් බැහැ.
The different bacterial shapes
බැක්ටීරියා හැඩකාරයෝ
ඊළග කට්ටිය “බැක්ටීරියා“ ... අන්වීක්ෂීය ලොකේ බොහොම සුන්දර හැඩ රටා මවන මේ අයත් හැමෝම නරක නැහැ , අපිට උදව් කරන අයත් ඉන්නවා , අපේ කිරි හට්ටිය මුදවල දෙන්නේ , ඒ විතරක් නෙවි සමහර ඖෂධ වර්ග නිපදවා ගන්නත් , අපිට නොමිලේ විටමින් වර්ග හදල දෙන්නත් බැක්ටීරියාවෝ උදව් වෙනවා. අපේ හමේ , කටේ , අත්වල හැම තැනම මෙයාල ඉන්නවා , කරදරයක් නැහැ , හැබැයි ඉන් නරක කට්ටිය Pathogenic bacteria තමයි අපිට කරදර කරන්නේ, ඒකටත් බැක්ටීරියාව ඉන්න තැන , අපේ ඇඟේ ලේ තියෙන ප්‍රතිශක්ති හමුදාවේ බල පුළුවන්කාරකම් වගේ සාධක ගණනාවක් බලපානවා. උදාහරණයක් කිව්වොත් , අපේ බඩවැලේ ඕන තරම් E.Coli කියන බැක්ටීරියාව ඉන්න පුළුවන් , එහෙම ඉන්න එකත් හොඳයි , මොකද එයා අපිට නොමිලේ විටමින් වර්ග හදල දෙනවා , හැබැයි මෙයා බඩවැලෙන් මුත්‍රාශය තුලට රංග ගත්තොත් වැඩේ සුන් , ඔන්න දැන් මුත්‍රා අමාරු හදනවා Urinary Tract Infection , දැන් නම් මෙයාට පුළුවන් අපිව මරන්න වුනත් , බය වෙන්න එපා , මළපහ කරල පිරිසිදු කරගනිත්දි මුත්‍රමාර්ගය පැත්තට නොඑන විදියට පිරිසිදු කරගත්තා නම් මෙයා ගැන බය වෙන්න දෙයක් නැහැ , මොකද බොහොම වෙලාවට E.coli ගෙන් මුත්‍රා ආසාදන එන්නේ , වැරදි විදියට පිරිසිදු කිරීම් කරලා , මළපහ කොටස් මුත්‍රා මාර්ගය පැත්තට දාගන්න නිසා, විශේෂයෙන්ම ගැහැණූ දරුවන්ගේ පිරිසිදු කිරීම් කරත්දි මේ ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන , හේතුව කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි නිසා ඉක්මණින් මෙයාට ඇතුලට පැනගන්න පුළුවන් වීම . කතාව දුර ගියා ,
අනෙක් පිරිස Fungi ල නැත්නම් දිලීර , අපේ ඇඟේ හැදෙන අළුහම් වල ඉදළ මාරාන්තික වන තරමේ මොළයේ ආසාදන ඇති කරන්නටත් පුළුවන් කමක් තියෙන Fungi වල තවත් අවස්ථාවක් තමයි අපි කෑමට ගන්න හතු කියන්නෙත් , මේ කණ්ඩායමෙත් රෝග කාරක වන යම් පිරිසක් පමණයි ඉන්නේ ,
තව ක්ෂුද්‍රජීවි කණ්ඩායම් කිහිපයක් අතරේ මේ දවස් වල කතාවෙන මයිටාවන් , උකුණු විශේෂ , වගේම බඩවැලේ ඉන්න ඉතාම කුඩා පණු විශේෂත් අයිතියි , මෙයාලා ඔක්කොම Parasites නැත්නම් පරපෝෂිතයන් නිසා මේ හැම කෙනෙක්ම වගේ අපේ ඇඟේ ලේ උරා බොන , ඒ බොන ගමන් තවත් රෝග කාරකයින් ඇඟට ඇතුලු කරන්නට පුළුවන් කමක් තියෙන කට්ටිය .
එක්දහස් නවසිය අනූ ගණන් වල අන්තිම කාළේ පර්යේෂකයින් තවත් ක්ෂුද්‍රජීව කණ්ඩාමක් ගැන සොයන්න ගත්ත , ඇත්තටම මෙයාලටත් “ජීව කියන‘‘ පදය යොදන්න අමාරුයි මොකද මේ අය නිකම් ප්‍රෝටීන කෑළි ටිකක් විතරයි , හැබැයි ඒවට පුළුවන් සමහර ලෙඩ රෝග ඇති කරන්නට , Prions කියල නම් කෙරන මේ අවස්ථාව ගැන තවමත් පර්යේෂණ කෙරෙන නිසා ලොකු විස්තර ලියන්න යන්නේ නැහැ , මොකද දැන් තියෙන විස්තර තව ටික දවසක් යත්දි වෙනස් වෙන්න පුළුවන් . කෙසේ වෙතත් මේ අයත් පරිසරයේ පුරාවට ඉන්න පුළුවන් අවදානමක් ....
කියාගෙන කියාගෙන ගියා , දැන් පොඩි අදහසක් ගන්න පුළුවන් අපි හිතුවත් අනේ අපි තනිවෙලා කියලා ..නැහැ , ඔයා තනිවෙලා නැහැ කියල බය නැතිව කියන්න පුළුවන් , මොකද ඔයාගෙ වටේ ඕන තරම් ක්ෂූද්‍රජීවින් ඉන්නවා , එයින් අපිට රෝග හදන අයට කියන්නේ Pathogenic micro organism කියලනේ , දන්න සිංහලෙන් කිව්වොත් “විෂබීජ “ කියන පදය යොදන්න පුළුවන් ඒ අයට තමයි . ...
දැන් බලාවි මේ මොන අණ්ඩර දෙමළයක්ද කියලා , මොකද මුලින් බබෙක් ගැන කියල , හැපී බර්ත්ඩේ ගැන කියල , මේ මොනවා කියනවද කියන එක ....ඉන්න පොඩ්ඩක් දැන් තමයි පාර කපල ඉවර වුනේ ..
ඔබ දන්නවද ? ඔබට රෝග ඇති කරන රෝග කාරක විෂබීජ බොහොමයක් , ඔබේ ඇඟට ඇතුළු කරගත්තේ ඔබම කියල , නැත්නම් අපිම කියල , ඒ බොහෝ විට අපේ වැරදි පුරුදු නිසා , නැත්නම් අපේ නොසැලකිළිමත් බව නිසා , සමහර අවස්ථා වල නොවැලැක්විය හැකි හේතු නිසා .....මොකද මේ කියන විෂබීජ , එයාලම බලෙන් අපේ ඇඟට ඒන්නේ නැති තරම් , එයාල අපේ ඇඟට එන්නේ හුඟක් වෙලාවට අපේ “අත්“ මඟින්මයි , එසේ නොවන අවස්ථාත් තියෙනවා , කෝකටත් අපි ටිකක් බලමු කොහොමද විෂබීජ අපේ සිරුරට ඇතුළු වෙන්නේ කියලා .
මේ රෝග කාරකයන් අපිට එන මූලික ක්‍රම දෙකක් හඳුන ගන්න පුළුවන් , ඒ Contact ස්පර්ශයානු බද්ධ , Non contact ස්ඵර්ශානුබද්ධ නොවන ...බර වැඩියිනේ ..කෙටියෙන් කිව්වොත් , විෂබීජ කෙළින්ම ඇඟේ ගාගන්න , නැත්නම් ඇතුලට දාගන්න එක , අනෙක වෙනත් මාර්ගයක් ඔස්සේ වැඩේ කරගන්න එක.
අපි දැන ටිකක් මේ ක්‍රම දෙක විස්තර කරමු , මොකද ඒ ටික දැන ගත්තම තමයි අපේ වැරදි අපටම හොයාගන්න පුළුවන් .මුලින්ම අර Contact ක්‍රමේ ගැන බලමුකෝ ..මේකත් අපිට ලේසියට තවත් අවස්ථා කිහිපයකට බෙදා ගන්න පුළුවන් ..කතාව රබර් වගේද මන්ද ? ඒත් වෙන කතාවගේ නෙවි මේ කතාව නම් පුළුවන් ඔක්කොම දේවල් කතා කරන්න වෙනවා , මොකද අපේ වැරැද්ද හදාගන්න ඕන නිසාම...මේ විදියට කෙටස් කරල බලමු ,
1.Direct contact , සුද්ධ සිංහලෙන් කිව්වාත් සෘජු ස්පර්ශය ...මේ තමයි අපිට වැඩියෙන්ම ලෙඩ දාන ක්‍රෙම් , මොකක්ද මේ , මෙතැනදි වෙන්නේ ලෙඩ වෙච්ච කෙනාගෙ ඉන්න රෝග කාරක විසබීජ , එයාගෙන් ඉල්ලගෙන “බොහොම පරිස්සමෙන් අපේ ඇඟට දාගන්න එක“ ....අපි මෙහෙම හිතමු , ඔන්න මේ මහත්තයට හොඳටම කැස්ස , එයා බොහොම විනීත විදියට අත ගුළි කරල තියල තමයි කහින්නේ ...දැන් මේ කැස්සත් එක්ක එළියට විසි වෙලා එන රෝග කාරක ජීවින් , මහත්තයගේ අතේ ගෑවිලා රැඳිල ඉන්නවා ....ඊට පස්සේ මේ මහත්තය ඔෆීසියට යන ගමන් යාළුවෙක් හම්බවෙනව ..“ආ ...කොහොමද සමරේ ....කාළෙකින් ....“ යාළුවෝ දෙන්න අතින් අල්ලගෙනම කතාව ...ඔය අතරේ අපේ විෂබීජ ටික ,අර මහත්තයගේ අතේ ඉඳල හිමින් සැරේ යාළුවගේ අතට එනවා , ගෑවෙනවා ..ටික වෙලාවකින් කතාව ඉවර වෙලා ඔෆීසියට ගිහින් වාඩි වුනු යාළුව මෙන්න මූණ අතගානවා , නැත්තම් උණු උණුවේ රෝල් එකක් කනවා අත හෝදන්නේ නැතිව ...දැන් අරයට නියම චාන්ස් එක ..කාටද ..විෂබීජෙට ...මෙන්න එයා කිසි කරදරයක් නැතිව යොළුවගේ ඇඟ ඇතුලට යනවා ..දැන් ඉතින් යාළුවටත් අර මහත්තයගේ ලෙඩේම හැදෙන්න ලොකු අවදානමක් තියෙනවා , විශේෂයෙන්ම උදරාබාධ , සෙම්ප්‍රතිශ්‍යාව , ඇස් අමාරු විතරක් නොවෙයි , ඒඩ්ස් , හෙපටයිටිස් බී වගේ ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණ S.T.D. ත් මේ ක්‍රමයෙන් තමයි බෝකර ගන්නේ ...දැන් ඉතින් S.T.D එන්නේ අතින් අල්ලන නිසාද කියල අහන්න එපා ..ඒව බෝවෙන්නෙත් රෝගී කෙනාගේ විෂබීජ සහිත තරලය සෘජුවම දෙවැන්නට ඇතුළු වීමෙන් (හැබැයි ඒකෙන් පරිස්සම් වෙන්න නම් , මේ කියන්න් හදන කාරනා විතරක් මදි , ඒකට ඒ ගැන අපි මීට ඉස්සර වෙලා කතා කරල තිබෙනවා, එතැනට යන්න මෙතැනින් ) ....මෙන්න මේ වගේ දේවල් අපි මේ විදියට කැමැත්තෙන් බෙදා ගන්නවා .
මේ යටතේ එන දෙවැනි ක්‍රමේ තමයි වක්‍රානූකූල ස්පර්ශය ...කෙටියෙන්ම කිව්වොත් වටෙන් අල්ල ගැනීම ....හපොයි ඒ මොකක්ද කිව්වේ  .ඊට වඩා තේරේවි Indirect contact කියල කිව්වම ..නේද ? මෙතැනදි වෙන්නේ , අර මුලින් කතාවේ හිටි මහත්තයා , එයාගේ කැහි විෂබීජ ගැවිච්ච අතින් ඔෆීස් කාමරේ දොර ඇරගෙන ඔෆිස් කාමරේට යනවා , ගිහින් අද දවසේ වැඩ කටයුතු වලට අදාල ෆයිල් ටික උඩින් පල්ලෙන් පෙරලල බලනවා , මොකද සමරේ තමයි ඔෆීසියේ ලොක්ක ..දැන් තව ටික වෙලාවකින් , කාර්යාල කාර්ය සහායක මහත්තය දන්න විදියට කිව්වොත් පියන් මහත්තය , ලොකු මහත්තයගේ කාමරේට එනවා , එන්නේ අර දොර ඇරගෙන නේ , එතකොට , එතැන ලොකු මහත්තය නොදැන ගාල තියෙන රෝග කාරක විෂබීජ පියන් මහත්තයගේ අතේ ගෑවෙනවා , ඊට පස්සේ පියන් මහත්තයා අර ෆයිල් ටික අරගෙන ගිහින් , අංශභාර මිස්ලට දෙනවා .. නිකංද දෙන්නේ ..නෑ ලොකු මහත්තයගේ විෂබීජත් එක්කම ...ඒ නෝනලත් හරියට අ.නොසෝදන නෝනල ටිකක් නම් , එයාලට පුළුවන් ඒ ලෙඩේ ගෙදර ගිහින් දරුවන්ටත් දෙන්න ..යන ගමන් බස් එකේ නම් යන්නේ , බස් එකේ පොල්ලේ අරවයින් ටිකක් ගෑවනම් (ඒ කිව්වේ රෝග කාරක විෂබීජ ටිකක්) ඒකම ඇති පළාතටම ලෙඩේ බෙදා දෙන දානමය පුණ්‍යකර්මේ කර ගන්න ... තව උදාහරණයක් , දන්නවනේ පොඩ්ඩො ඉස්කෝලේ යන්න පටන් ගත් මුල් දවස් වල හැමදාම ලෙඩ ලෙඩ ලෙඩ ...ඒකටත් මෙන්න මේ හේතු තමයි ප්‍රධාන ..
මේ යටතේ ගන්න පුළුවන් ඊළඟ අවස්ථාව තමයි Droplet method ..ඒ කිව්වේ කෙළ බිංදු මඟින් බෝවෙන ක්‍රෙම් ....ආයේ කියන්න දෙයක්ද මේක ..කට්ටිය එක්ක ටී බ්‍රේක් එකේ චැට් එකක් දාගෙන ඉඳිත්දි නෝන කෙනෙක් යැව්වනේද හාච්චිං එක්ක , පළාතම නෑවෙන්න , ඊළඟට මෙන්න නෝනගෙන කැහි පෝලිමක් , කිසිම පරිස්සමක් නැතිවම ...කොහොමද කෑම නේද ..දැන් ඉතින් අර නෝනගේ කෙළ බිංදු වල ඉන්න බැක්ටීරියා , වයිරස ...අනෙක් අයගේ නාහෙ , කට ඇතුලටම යනවා , ආයේ ඉතින් කියන්න දෙයක් නෑ , අනෙක් නෝනලටත් ලෙඩේම තමා . දන්නවද මේ විදියට මොළයේ උණ , ක්ෂයරෝගය , නියුමෝනියාව වගේ දරුණු රෝගත් බෙදා හදා ගන්න පුළුවන් ,
මේ වෙනකම් අපි කතා කළේ , රෝග කාරකයන් contact වෙන විදිය , දැන් අපි කතා කරන්න හදන්නේ , මෙහෙම නොවී , සෘජු ස්පර්ශයක් නැතිව ලෙඩ ගේන විදිය ගැනත් දැන් කතා කරමු . අපි ඒ ක්‍රම ඔක්කොටම කියන්නේ Non-Contact methods කියලා , ඒ යටතේ , වාතය ඔස්සේ පාවෙලා එන ඉතාම කුඩා බිඳිති , වයිසර අඩංගු දුහුවිලි අංශු වගේ දේවල් මඟින් ලෙඩ බෝවෙන ක්‍රමය අපි නම් කරන්නේ air borne method කියල , සමහර කාළෙට පරිස්සම් වෙන්නම අමාරු ලෙස මේ විදියට මුළු පළාතම ලෙඩ කරනවා මතක ඇති , පැපොල හොඳ උදාහරණයක් , ඉස්කෝළෙ එක ළමයෙක් හිටියොත් ඇති වටේටම බෙදන්න , මෙතැනදි ප්‍රධාන ක්‍රමය ඒ වයිරස , ඉතාම කුඩා බිදිති එක්ක හරි දුහුවිලි එක්ක හරි එකතු වෙලා හුළගේ පාවෙල අනෙක් අයගේ ඇඟට ඇතුළු වීම ..මේ කට්ටියගෙන් පරිස්සම් වෙන එකනම් ටිකක් අමාරුයි , මොකද අපි හුස්ම ගනිත්දි නොදැනිම මේ අයට පුළුවන් ඇඟට ඇතුළු වෙන්න .කරන්න තියෙන එක දෙයක් තමයි ඒ වගේ කාළෙට හුඟක් සෙනඟ ගැවසෙන තැන්වල රස්තියාදු නොගහ ගෙදර ඉන්න එක ..ඒකත් ඉතින් ප්‍රායෝගික නැහැ වගේ , රෝහලේ දි නම් පුළුවන් මාස්ක් එකක් දාගන්න , ඒ සඳහා විශේෂිත මාස්ක් (මුව වැසුම්) වර්ග තිබෙනවා , අපිත් කරාපිටියේ ඒකළන ඒකකයේ ඉන්න කාළෙ මේ ඔක්කොම දාගෙන හිටි හැටි මතක් වෙනවා.
මේ යටතේ තවත් අවස්ථාවක් විදියට , ඔය මදුරුවන්ගෙන් බෝවෙන රෝග , මැස්සන්ගෙන් බෝවන රෝග ගන්නටත් පුළුවන් , ඒ කියන්නේ Vector borne diseases විදියට , ඒවයින් පරිස්සම් වෙන විදියනම් දැනටමත් සෑහෙන තරමකට දැනුවත් ඇති , මීට අමතරව කෑම බීම ඔස්සේ බෝවන ලෙඩත් තියෙනවා , එයින් පරිස්සම් වෙන්න , කෑම බීම නියමිත උණුසුමට පිස ගැනීම වගේම ඒවා හොඳින් වසා තැබීම වගේ උපක්‍රම ගන්නට පුළුවන් , ඔබ දන්නවද ඔය බඩේ අමාරු ඇති වන බොහොමයක් අවස්ථාවල ලෙඩේ බෙදා දීමේ මධ්‍යස්ථානය වෙලා තියෙන්නේ කුස්සයි , සමහර විට නොදැනුවත්වම මේ වෂබීජ කෑම බීම වලට එක් වෙනවා ..
මෙච්චර වෙලා අපි කතා කළේ රෝග කාරකයෝ සහ ඒවා පැතිරිලා යන විදිය , විශේෂයෙන්ම කියන්න ඕන මේ ලිව්වේ මහා සංකීර්ණ කාරණා නොවෙයි , පුළුවන් තරම් සරළ , දැන ගත යුතු දේ , මොකද සංකීර්ණ කාරණා , ප්‍රෝටීන් සංයුතික වෙනස්විම වගේ බර දේවල් දාන්න ගියොත් “ලෙඩ හැදුනත් කමක් නෑ මේක නම් කියවන්නේ නැහැ “ කියල හිතෙන්න පුළුවන් ...
දැන් අපි බලමු මේ කිව කාරණා අතරේ අපේ අතින් වන වැරදි මොනවද කියලා , ලොකුම වැරැද්ද , හරියට අත නොසේදීම ...මොකද ඔබ නිවැරදිව අත් සෝදනවා නම් බොහොමයක් රෝගයන්ගෙන් වැළකිලා ඉන්න පුළුවන් , මොකක්ද මේ හරියට අත් සේදීම කියන්නේ , මෙතැනදි කියන්නම ඕන , අත හෝදනවා කියන්නේ ,ටැප් එකට අත අල්ලලා , නිකං එහෙට මෙහෙට කරලා , “කුණු පොඟවාගෙන " එන එක නොවෙයි , ඒකටත් ක්‍රමයක් තියෙනවා , හරි ක්‍රෙම්ට කර ගත්තොත් තමයි පරිස්සම .
දැන් අපි ඒ ගැන ටිකක් කතා කරමු , පුළුවන් තරම් කෙටියෙන් කියන්න නම් මොකද මේ වෙනකොට මේ ලිපිය වැල වෙලානේ ....
හරියට අතසෝදන්න නම් , අපිට මෙන්න මේ අය ඕන , Sසබන් , Wගලායන ජලය , Fඅතේ මුහුණත් අතර ඇති වන ඇතිල්ලීම් නැත්නම් ඝර්ෂණය , සහ Tකාළය සහ Dවියලා ගැනීමේ උපක්‍රමයක් . සබන් ගැන කියත්දි විෂබීජ නාශක සබන් වර්ගයක් නම් වඩාත් හොඳයි , එහෙම නැතත් සාමාන්‍ය සබන් නරක නැහැ , හැබැයි අතසෝදන තැනට ඉහළින් බෝතලයක් වගේ සවි කරල තියන්න පුළුවන් , පොඩ්ඩක් ප්‍රෙස් කළාම අතට සබන් බිංදු වැටෙන විදියට තියෙන දියරමය සබන් තිබුණොත් වඩාත් ආරක්ෂාකාරීයි , නිංක සබන් කෑටේ අතුල්ල ගන්නවාට වඩා . හේතුව ඔය සබන් කැටේ පියන ඇතුලේ වතුරත් එක්ක එකතු වෙලා දියවි දියවි තියෙන අවස්ථාව , තවත් බැක්ටීරියාවන්ට වැඩෙන්න හොඳ මාධ්‍යයක් , ඒ කිව්වේ ඒ විදියට පල් වෙවි තියෙන සබන් කෑල්ලක් අතේ අතුල්ලත්දි , තව විෂබීජ ගාගන්නවා විතරයි . ඒ වගේ අවස්ථා වල , සබන් කෑල්ලේ පියන ස්පර්ෂ නොකරීම සහ , අතේ ගාගන්නට ඉස්සර වෙලා සබන් කෑල්ල පොඩ්ඩක් සෝදා හැරීම වටිනවා .
හරි දැන් ජලය , හොඳම ක්‍රෙම් මද උණූසුම ගලා යන වතුර , බේසමක දාගෙන අතසෝදනවාට වඩා හොඳ ටැප් එකකට අල්ලලා හරි කාට හරි කියල වතුර ටිකක් අතට වත්කරවා ගැනීම හරි තමයි , මොකද බේසමේ දාගෙන ‘බස බස ගාල ‘ හේදුවට , වැඩේ හරියට කෙරෙන්නනේ නැහැ , මොකද දැන් බේසම ඇතුලේ තියෙන්නේ විෂබීජ වලින් හැදිච්ච “සුප් එකක්“ ...
ඊළඟට වතුරත් , සබනුත් ගැවුනු අතේ මතුපිට , එකිනෙකට හොඳින් ඇතිල්ලෙන්න ඕන , විශේෂයෙන් විෂබීජ රැඳිලා ඉන්න , ඒ වගේම අපිට මගහැරෙන කොටස් , මෙන්න මේ පහල රෑපයේ පෙන්වන ප්‍රෙද්ශ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්නම ඕන , ඇඟිළි කරු අතර , නියපොතු , පිට අත්ල , පැති හොඳින් ඇතිල්ලෙන්නට ඕන ,
ඊළඟට කාළය ගැන , කොච්චර කාළයක් මේ විදියට අතුල්ලල හෝදන්න ඕනද ? ...සාමාන්‍ය අවස්ථා වලදි අවම වශයෙන් තත්ත්පර 20-30ක් වත් , දැන් ඉතින් ටයිමරේ තියාගෙන හෝදන්න ඕන නැහැ , මෙන්න මෙතැනදි තමයි අර අද දවසේ උපන් දින සමරණ බබාගේ කතාව එන්නේ , ඒ කිව්වේ දැන් අත හෝදන ගමන් හිතින් කියන්නකෝ හැපි බර්ත් ඩේ සිංදුව , මේක දෙපාරක් කියන කාළෙ ඇතුලත අත සේදුව නම් , ඒ හොඳටම ඇති කාළය ...නිකං කරල බලන්න , පොඩ්ඩන්ටත් මේ ක්‍රෙම් කියල දෙන්න , විනෝදෙත් එක්ක එයාල හරි දේට පුරුදු කරන්න ,
දැන් හේදුවා , ඊට පස්සේ ආයෙත් අර වතුර කරාමේ අල්ලලා වහන්න ගියොත් මොකද වෙන්නේ , මුලින් ඒකේ ගැවිච්ච විෂබීජ ආයෙත් අතේ ගෑවෙනවා , ඒ නිසා පහසුකම් තිබේනම් වියළි කඩදාසි ටිෂ්‍යූ එකක් පාවිච්චි කරල අත් හොඳින් වියලා ගන්න , එහෙම නැත්නම් තමන්ගේ පිරිසිදු වියළි ලේන්සුව ඒ සඳහා යොදා ගන්න , දැන් ඉතින් හොඳට හොටු හූරපු , ඒ වේලිච්ච හොටු තට්ටු තියෙන ලේන්සුව මේ වැඩේට ගන්නවද ? ...
මේ අත සේදීමේ ක්‍රමය කරගන්න බැරි වෙලාවට , අපි හිතමු බස් එකේ යන ගමන් , නැත්නම් ඔෆිස් කාමරේ ඇතුලෙ ඉන්න ගමන් ඕන කමකට කියල , ඒ වෙලාවට ප්‍ර යෝජනයට ගන්න පුළුවන් , අත් සේදීම් දියර වෙළඳ පොලේ තිබෙනවා , වාෂ්පශීලී රසායනික සමඟ විෂබීජ නාශක අඩංගු මේ දියර අතට දාල , සාමාන්‍යෙයන් අත සෝදන විදියටම අතේ හැම තැනකම ගෑවෙන විදියට ආලේප කරගත්තා නම් යම් තරමක ආරක්ෂාවක් ලැබෙනවා . පොඩි වියදමක් යාවි , ඒත් ඔබේ ආරක්ෂාවට යන ඔය සුළු මුදලට වඩා , ලෙඩක් වුනොත් වියදම් කරන්න වෙන බව මතකේ තියා ගන්න එක වටිනවා .
මේ එක්ක , තව පොඩි කරුණූ ටිකක් කෙටියෙන් කියන්න තියෙනවා , එකක් තමයි ලේන්සුව ගැන , අපි ලේන්සුව පාවිච්චි කරන විදියෙන්ම අපිට ලෙඩ ගෙන්ව ගන්නවා , හිතල බලන්න , ඔකෙන් තමයි හොටු හුරල හංග ගන්නෙත් , ඊට පස්සේ වෙලුනාම හොටු පේනනෙ නැහැනේ ඒකෙන්ම තමයි දාඩිය දාත්දි මුහුන පිහදාන්නේ , ඒ විතරද බස් එකේ යත්දි පොල්ල අල්ලගන්නෙත් ලේන්සුව තියලනේ , ..හිතල බලන්න ..නොපෙනුනාට මේ ලේන්සුවේ කොයි තරම් නම් විෂබීජ හැංගිලා ඇත්ද ?...ඒ නිසා ලේන්සුව තියා ගන්න හදිසියකට දහදිය පිහදාගන්න වගේ වැඩකට , හෙම්බිරිසාව තියෙන දවසට හොටු හුරන්න ඒක ගන්න එපා , ඒකට ටිෂ්‍යු එකක් පාවිච්චි කරන එකතමා සෞඛ්‍ය පැත්තෙන් බැලුවම ලාබම , දැන් හොටු හූරපු ටිෂ්‍යු එක , නිසි තැනකට , ඒ කිව්වේ සුදුසු කසල බඳුනකට දාන්න , එහෙම පහසුකමක් නැත්නම් , ඔය හැන්ඩ්බෑග් එකේ හරි කළිසම් සාක්කුවේ හරි පොඩි සෙලෝෆේන් බෑග් එකක් දාගෙන තියා ගන්න , අර හොටු පිරිච්ච ටිෂ්‍යු ඒ සොලෝෆේන් බෑග් එකට දාල නිසි තැනදි හරි විදියට බැහැර ලන්න . දැන් කියාවි මේ දැන් යන වියදං වල හැටියට මේව කරන්න පුළුවන්ද කියල ? ....ඒත් ලෙඩවුනාම , වැඩට එන්න වෙන්නේ නැහැ , පඩි අඩුවෙනවා , නිවාඩු අඩුවෙනවා , දොස්තර මහත්තය චැනල් කරගන්න වියදම් යනවා , බෙහෙත් වලට වියදම් යනවා , ඒ විතරද ගෙරද එක්කෙනෙක්ට එන ලෙඩේ පවුලේ අනෙක් අයත් එක්කත් බෙදා ගත්තම මේ වියදම කොහොමට නගිනවද ...ටිකක් දුරට හිතල බලත්දි මේ දේවල් වලට යන වියදම් , තැන්පතුවක් වගේ තමයි .
ඊළඟට කහින , කිවිසන හැටි , අපි කහින්නේ කිවිසන්නේ බොහාම වැදගත් විදියට අත කටට තියල වහගෙන නේ , ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මොකද ඒ ක්‍රෙම්දි වෙන්නේ අපෙන් පිටවන බිදිති , විසබීජ අපේ අතේ ගෑවෙන එක , පස්සේ හරියට අත නොසෝදා කරන අනෙක් හැම වැඩේදිම ඔබ කරන්නේ මේ විෂබීජය බෙදා දීමේ කටයුත්ත , ඒ නිසා දැන් පර්යේෂකයන් හඳුන්වා දෙනවා “කහින කිවිසන“ නිවැරදි යයි කියන ක්‍රමයක් ,අතේ ටිෂ්‍යු එකක් තිබේ නම් වැඩේ කරල මුලින් කී විදියට විසි කරල දාන්න පුළුවන් , එහෙම නැති සහ හදිසි වෙලාවට ලේන්සු අල්ලනවාට වඩා , නැත්නම් අතින් වහගන්නවාට වඩා හොඳ විදිය තමයි මේ තියෙන්නේ ,
එහෙම නැති වෙලාවට තමන්ගේ ඇඳුමේ ඇතුළු පැත්තට මේ වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන් , මේ අවස්ථා දෙකේදිම , අත නැත්නම් ලේන්සුවට වඩා පරිස්සම් , විශේෂයෙන්ම විෂබීජ අතේ , අත්ලේ ගෑවෙන්නට තිබෙන ඉඩ අඩුවන නිසා .
මෙන්න මේ වීඩියෝව බලන්න , බාසාව ගැන නොසලකා හරින්න . මෙතැව විඩියෝව බලන්න බැරි නම් මෙතැන ක්ලික් කරල ගිහින් ඒක බලලම එන්න ....කිවිසුම් සුපර්ස්ටාර් තෝරන හැටි බලන්න 
P.C.O.S ගැන දැනගනිමු
ඊයේ සවස අපේ ස්වාමින් වහන්සේගේ භූමදාන පිංකමට ගියා (මරණයට අදාල නීත්‍යානුකූල කටයුතු ඉදිරියටත් තිබෙන නිසා එම දේහය භූමදානය කිරීමට කටයුතු යොදා තිබුනේ) , ගමේම පිරිස , විශේෂයෙන් තරුණ පිරිස හරිම සංවේගයෙන් ඒත් හරිම ගෞරවයෙන් එම කටයුතු වලට දායක වෙලා තිබුණ , ..... හික්කඩුව නාරිගම ප්‍රදේශයේ සුන්දර බිම් කඩකදි උන් වහන්සේ අපට “සියලු දේ අනිත්‍ය“ බව නැවත පසක් කර දෙමින් වැලි තලාවක් යට නිසලව වැතිරුනා ......ගමේ පිරිස තවමත් එතැන .....දරා ගන්න අදහා ගන්න බැහැ කාටවත් සිදුවුනේ කුමකුදැයි ....
“මුලින්ම බෙහෙත් විද්දනම් බේර ගන්න තිබුණලු නේද ? ......“ වැලි තලාවක තැනුනු සොහොන් වල මත කොන්ක්‍රීට් තට්ටුවක් දමන්නට වෙහෙසෙන තරුණ දරුවන් දිහා බලා ගෙන කල්පනාවෙ සිටි මගේ සිතුවිලි බිද දමමින් ...තරුණයෙක් මට කොදුරනවා දැනුනා , ... මට මතකයි මේ තරුණයා , හාමුදුරුවො රෝහලට ගෙනා වෙලාවෙ ඉදල හරියට මහන්සි වුනා ,
“ඔව් , සතා කාපු දවසෙම හොස්පිටල් එකට ආවනම් බෙහෙත් විදගන්න තිබුණා , ...මේ.......මේ මහත්තයත් හරියට මහන්සි වුවා මට මතකයි ......, “
“ඔව් මහත්තයා , මේ හමුදුරුවන්ට මෙයා පණ ......පන්සලේ මොකක්ද තියෙන්නේ නැහීගෙන වැඩ ..උදේද රෑද නෑ .......ඒවත් කරන් එපායෑ නේද .....“ මේ තරුණ මහත්මයාගේ බිරිද කතාවට එක් වුනා .....තරුණ මහත්මය දුක් පිරුණූ මුහුණට අහිංසක සිනාවක් නගල මාත් එක්ක හිනා වුනා ....
මේ තරුණ මහත්මයට වයස විසි පහක් විතර ඇති , ඒත් බිරිද හුගක් වයසයි වගේ , හරිම තරබාරුයි , පෙනුමත් කතාවත් ටිකක් පිරිමියෙක්ගේ වගේ ..... මේ සිදුවීම් අතරේ මට පුංචි සැකයක් ආව .....මේ කාන්තාවට PCOS ද කියල ....ඒත් මට ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න බැහැ වගේම උපදෙස් දෙන්න තරම් වෙලාවකුත් නොවෙයිනේ ....ඒත් මම හිතාගත්ත ඊලග post එකට මේ මාතෘකාව ගන්න ඕන කියල .... මොකද මෙම ගැටලුව මම දන්න හුගක් අයට තිබෙන බව දැන ගන්න ලැබිල තියෙනවා ... විශේෂයෙන්ම මගේ බිරිදගේ කාර්ය මණ්ඩලය අතරෙත් ...පොතේ හැටියටම කිව්වොත් පරිනත කාන්තාවන්ගෙන් 10-20 අතරින් එක් අයෙක් මෙම රෝග තත්තවයෙන් පෙළෙනවා..
තරබාරුවේ තරම....
අපි දැන් කතා කරමු මෙම රෝග තත්ත්වය ගැන ........ මොකක්ද මේ P.C.O.S කියන්නේ ?
....කෙටියෙන් කිව්වොත් ....කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇති වන ගෙඩිති විශේෂයක් නිසා ඇති වන අසාමාන්‍ය රෝග ගණනාවක එකතුවක් .......සාමාන්‍යයෙන් මෙවැනි ගෙඩිති cyst ඩිම්බ කෝෂ වල තිබුනත් මෙහිදී ඒවා සංඛ්‍යාවෙන් වගේම ප්‍රමාණයෙනුත් අසාමාන්‍ය වෙනවා.
මේ අය හරිම මහතයි තරබාරුයි ..... B.M.I. දර්ශකය මතක නම් එහි අගය 28-30 වගේ තත්ත්වයකට පත් වෙනවා ....ඒත් මේ අය කියන දෙයක් තමයි “අනේ මම ගොඩාක් කන්නෙත් නැහැ ...එත් මහත් වෙනව අනේ ....“ , ඒ විතරක් නොවෙයි මුහුණ පුරාම කුරුළෑ එනව ...කළුපාට ලප හැදෙන්නත් පටන් ගන්නවා ....බෙල්ල , අත් යට උදරයේ එල්ලා වැටෙන මස් රැළිති ඇතිවෙනව .......එක්තරා විදියකට කිව්වොත් රූප ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා
.....තව තව කරදර ගොඩයි ...ඔවුන්ගේ මාසික ආර්තවය කිසිදු පිළිවෙලක් නැහැ ....එක් වතාවක දින 28කින් සිදුවන ආර්තවය ඊළග වතාවේ දින 20කින් එහෙම නැත්නම් සිදුවන්නේම නැහැ ...ඔය වගේ ආර්තවය චක්‍රය සම්පූර්ණයෙන් අවිධිමත් වෙනවා ....එහි අනතුරක් තියෙනවා ....මෙම කාන්තාවන්ගේ දරුවන් පිළිසිද ගැනීමේ හැකියාව අඩුවෙනවා ....ඒ කියන්නෙ එක්තරා විදියක ඌන සපලතාව සහිත කාන්තාවක් වීමේ අවදානමක් තියෙනවා....
අපි මේ අයත් එක්ක කතා කළොත් කියන තව වැදගත් දෙයක් තමයි “වරින් වර තද කොන්දේ කැක්කුමක් එනවා ...ඒ වගේම හරියට තරහ යනවා .....කේන්තිය පාලනය කරගන්න බැහැ වගේ දැනෙනවා කියන එක “ , ඒ වගේම ටිකක් පිරිමි ගති ලක්ෂණත් එනවා ..ඒකියන්නේ පපුවේ , මුහුණේ වගේ තැන් වල රෝම , කෙස් හැදෙන්න පටන් ගන්නවා , ඒ එක්කම කොන්ඩෙ යන එක වැඩි වෙලා තට්ටය පෑදෙන්න වගේ එනවා ....
ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ (පහළ - රෝගය සහිත ඩිම්බ කෝෂය)
ගොඩාක් කතා කළා ...අපි දැන් මීට අදාල ජෛව විද්‍යාත්මක රූප සටහන් ටිකක් බලමු....
මෙහෙම වෙන්න නිශ්චිතම හේතුවක් තවම සොයාගෙන නැතත් පරම්පරාවෙන් යන එහෙම නැතිනම් ජානමය වශයෙන් ගමන් කරන තත්ත්වයක් කියල සැක කරනවා , මේකෙදි වන්නේ අර විදියට කුඩා ගෙඩිති විශාල සංඛ්‍යාවක් හැදෙන ඩිම්බ කෝෂයෙන් සාමාන්‍යයෙන් දේහයට අවශ්‍ය තරමට වඩා “ඇන්ඩ්‍රජන්“ කියන හෝමෝනය හදනවා , ඒකෙන් තමයි අර පිරිමි ලක්ෂණ එහෙම ඇති කරන්නේ ...ඒ වගේම ආර්තවය වෙනස් කරන්නෙත් දරුවෙක් පිළිසිද ගැනීමේ හැකියාව අඩු කරන්නෙත් ඒ “ඇන්ඩ්‍රජන් හෝමෝනය“....ඊට අමතරව අපි කවුරුත් දන්න “ඉන්සියුලින් හෝමෝනයත් “ මෙම ලක්ෂණවලට දායක වෙනවා...
ඔබේ වෛද්‍යවරයා හමුවන්න
දැන් ඔබටත් හිතේ පුංචි බයක් ඇති වුනාද මන්ද? .... මේ වගේ ලක්ෂණ තිබුණු පමණින්ම ඒ P.C.O.S කියල කියන්නම බැහැ , හැබැයි සැක කරන්න පුලුවන් ....දැන් ඔබ කළයුතු දේ තමයි ඔබේ වෛද්‍යවරයා හමුවීම ....සාමාන්‍ය යෙන් පවුලේ වෛද්‍යවරයා තමයි වඩාත්ම හොද , ඒත් ලංකාවේ අපට විශේෂඥ වෛද්‍යවරයා වෙත පහසුවෙන් ලගා වීමේ හැකියාව තියෙන නිසා උපදෙසක් විදියට මෙහෙම කියන්නම් ...“මේ වගේ රෝග ලක්ෂණ තියෙනව නම් ප්‍රමාද කරන්නේ නැතිව විශේෂඥ නාරිවේද Consultant Gynecologist කෙනෙක් හමුවෙලා උපදෙස් , ප්‍රතිකාර ගන්න , ඔහු ඔබගේ උස , බර , සාමාන්‍ය දේහ පරීක්ෂාවක් කරල ....සැක සහිත නම් scanning පරීක්ෂණයක් කරාවි ....එහිදි ඩිම්බ කෝෂ වල ස්වභාවය ....ගෙඩිති වල තත්ත්වය හදුනාගන්න පුලුවන් .....රැධිර පරීක්ෂණ කිහිපයකුත් කරාවි ( මේවා හෝමෝන පරීක්ෂාවන් නම් ටිකක් මිළ අධික පරීක්ෂාවන් බවත් කියන්න ඕන)
ඔබේ රෝග තත්ත්වය මේ යැයි සනාථ වුනොත් වෛද්‍යවරයා ඔබට ඖෂධ ප්‍රතිකාර , විශේෂයෙන්ම හෝමෝනමය “උපත් පාලන පෙති “ විශේෂයක් ලබා දේවි ...දැන් ඔබ බලාවි ඇයි මේ උපත් පාලන පෙති කියලා .....එමගින් තමයි අර අක්‍රමවත් වූ ආර්තවය චක්‍රය නැවත නිසි ක්‍රියාකාරීත්වයට ගන්නේ....ඊට අමතරව ඔබේ බර අඩු කරගන්නට උපදෙස් සහ ආහාර පාලනය ගැනත් කියල දෙනවා , ආර්තවය සම්බන්ධ ගැටලු හොදින් සමථයකට පත්වෙන්න නම් ඔබේ බරින් 10%ක්වත් අඩු කළ යුතු වෙනවා ...සමහර විට දියවැඩියාවට දෙන “මෙට්ෆොමින් “ පෙතිත් දෙනවා ...බය වෙන්න එපා ඒ ඔබට “දියවැඩියාව“ නිසා නොවෙයි ....සමහර විට ඒ වගේම තත්ත්වය තරමක් උග්‍රනම් ඔබට ශල්‍යකර්මයක් වුනත් කරන්නට ඉඩ තිබෙනවා , බය වෙන්න එපා ....ඒක බොහෝවිට උදරයේ පුංචි කැපුමක් හරහා කරන Laparoscopic surgery එකක් ....ඒ කියන්නේ විශේෂිත උපකරණයක් දේහය තුලට ඇතුලු කරලා අර ඩිම්බ කෝෂයේ වෙනසක් කිරීමක් කරනවා.....
දැන් මේ දිග ලිපිය කියනව ඔබ මගෙන් අසාවි ...මෙයට ප්‍රතිකාර ගන්නම ඕනද කියලා ? ඔව් ප්‍රතිකාර ගත යුතුමයි ....මක්නිසාද නැතිනම් ඔබේ රුව , බර වගේම හිතේ ස්වභාවයත් හරිම කරදරකාරී විදියට වෙනස් වෙනවා ... ඒ විතරක් නොවෙයි අනාගතයෙදි ඔබට දියවැඩියාව , අධීරුධීර පීඩනය වගේම හෘදයාබාධත් ඇති වෙන්න ලොකූ අවදානමක් තිබෙනවා....ඒ වගේද කාන්තාවකට මෙලොව තියෙන සුන්දරතම බලාපොරොත්තුව “සුන්දර දරු පැටියෙක් “බිහි කර අම්මා කෙනෙක් වීමේ බලා පොරොත්තුවත් යම් අවදානමකට ලක් වෙනවා ...දරුවෙක් බිහිවුනත් එම දරුවා නිරෝගි දරුවෙක් විදියට බිහිවීමේ අවස්ථාව අඩුයි
...එසේ නම් මෙම P.C.O.S හෙවත් Poly Cystic Ovary Syndrome ගැන මගේ කතාව මෙතෙකින් අවසන් කරනවා ....කියවූ ඔබ සැමට ස්තුතියි.....
මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........
කාම මනෝ විද්‍යාව
කාමය පිලිබදව නිවැරිදිව දැනුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එහිදී වැරදි මත ප්‍රකාශ කරන්නන්ගෙන් ප්‍රවේසම්විය යුතු වේ. ජීවිතේ උත්තරීතර ආශ්වාදයක් වෙනුවෙන් ඉගන ගැනීම කාම මනෝ විද්‍යාව යටතේ ද එන්නකි.
ඔබ කොතරම් උසද, මිටිද, මහතද, කෙට්ටුද, කළුද, සුදුද, මේ හැමදේම කාම මනෝ විද්‍යාව තුල සාකච්චාවට ලක් කරන කරුණු වේ. ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබ තුල ඇති කාම ශක්ති ප්‍රමාණය දැන ගැනීමට හැකියාව තියනවා. එය එසේ වුවත් යම් අයකුගේ කාම ශකිතිය බාල වීමට හේතු සාධක ගණනාවක් තියනවා.
තමුන් ජීවත් වෙන පරිසරය.
තමුන් කරන රැකියාව.
තමුන් ගන්න ආහාර.
තමුන් නිදාගන්න කාලය.
තමුන් අඳින ඇදුම් වර්ගය.
තමුන් භාවිත කරන ආභරණ වර්ග.
තමුන් කරන ව්‍යායාම ප්‍රමාණය.
තමුන්ගේ සිතුම් පැතුම්.
තමුන් ඇවිදින රටාව.
තමුන් නිදා ගන්න ඉරියව්ව.
තමුන් ඇසුරු කරන සමාජය.
ඉහත දක්වා ඇත්තේ මිනිසුන්ගේ කාම ශක්තිය හීන වීමට බලපාන සාධක වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. හිතෙන්නැද්ද කොහොමද මම මේ කියපු මේ සාධක තමුන්ගේ කාම ශක්තිය වෙනුවෙන් බලපාන්නේ කියල. අපි හැමෝම මේ සොභාධර්මය විසින් නිර්මාණය කරලා තියන අපුරු නිර්මාණයක් නිසා මේ මුළු විෂ්මවයම අපේ ජීවිතවල පැවැත්මට ඍජුවම බලපානවා.
මගේ හිතවතුනි, ඔබ දන්නවද ඔබේ ලිංගික ශක්තිය සිය ගුණයකින් වැඩි කරන්න පුළුවන් භාවනා ක්‍රම තිබෙන බව. ඔබ අද වෙනකොට කොයිතරම් හොර වෙද්දු ලඟට ගිහින් ඔබේ මුදල් පසුම්බිය හිස් කරගෙන තියනවද? ඔබ කොපමණ කාලය නාස්ති කරමින් මුදල් වියදම් කරමින් ඔබේ ඇඟ තුලට විස බෙහෙත් වර්ග අරගෙන තියනවද? වැඩි වෙලාවක් කාම සැප විඳින්න හිතාගෙන කොඉතරම් දේ කරලා ඇත්ද? ඔබට ප්‍රතිපල තියෙන්නේ කීයෙන් කියකටද?
හිතන්න, ඔබේ හිත තරම් ශක්තියක් තවත් දෙයක් නැති බව තේරුම් ගන්න. මින් ඉදිරියට ඔබතුල තිබෙන ශක්තින් එලියට ගත හැකි නිවැරිදි දේවල් පමණක් කරන්න. ලෝකේ බොහෝ විද්වතුන් විසින් සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව ඔවුන් හඳුනාගෙන තිබෙන ප්‍රධානතම ලිංගික ගැටළු කිහිපයක් මෙසේ දක්වන්නෙමු.
තමුන්ගේ පුර්ෂ ලිංගය කුඩා බව
තමුන්ගේ පියයුරු කුඩා බව
තමුන්ගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල බව
තමුන්ගේ යෝනි මාර්ගය කුඩා නිසා සංසර්ගයේදී අධික වේදනාවක් ඇති වේ යන බිය.
සංසර්ගය සදහා යෝනිය සුදානම් නොවීම.
ක්ෂණික මෝචනය.
සිහිනෙන් ශුක්‍ර මෝචනය වීම.
තම සහකාරිය ඉදරියේ ලිඟුවා ප්‍රමාණවත් තරම් ප්‍රාණවත් නොවීම.
ශුක්‍රානු පිටවීමට වැඩි වෙලාවක් යාම.
ආලෝකය ඇති ස්ථානවල සංසර්ගයට ඇති අකමැත්ත.
කන්‍යා භාවය පිලිබඳ ඇති බිය
බටහිර කාමුක දර්ශයන් හිදී මෙන් විවිධ ලිංගික ඉරියව් භාවිතයට නොහැකියාව.
විරුද්ද ලිංගිකයන් කෙරෙහි හිත ඇදී නොයාම.
මත් ද්‍රව්‍ය බාවිතයෙන් තොරව සංසර්ගය සඳහා වූ නොහැකියාව
එක වරකට පමණක් තම කාම ශක්තිය සීමා වීම.
තමුන්ට වඩා වයසින් ඉතා වැඩිමහල් කාන්තාවන් හා පිරිමින් කෙරෙහි සිත් පහල වීම
යන මේවා සමාජයේ ජීවත් වන බොහෝ පිරිසකට ඇති මානසික ගැටළු වේ. මින් මිදීමට නම් ඔබ මොහොතක් නතර විය යුතු වේ. එනම් ඔබට ඇති ගැටළු විශ්වාසවන්තව සාකච්ඡ කිරීමට සුදුසු පළපුරුදු අයෙකු හා සම්බන්දව අදාල ගැටලුව සාකච්ඡ කිරීම නිසා මුලික වශයෙන් තමුන්ට ඇති මානසික පීඩාවෙන් නිදහස් විය හැක. පසුව පියවරෙන් පියවර අනුගමනය කරමින් තමුන්ගේ මානසික ගැටලුවෙන් නිදහස් වීමට හැකි වනු ඇත.
ඔබට යම් ලිංගික මනෝ උපදේශන සේවාවක් ලබාගැනීමට අවශ්‍යතාවයක් වේ නම්, ඔබ ඒ වෙනුවෙන් email මගින් වෙලාවක් වෙන් කර ගනිමින් skype හරහා ඔබට ඇති මානසික ගැටලුව සාකච්ඡ කරගැනීමේ හැකියාවක් ඇත. කිසිදු මුදලක් අය නොකෙරේ, ඔබේ සියලු රහස්‍යභාවය සහතික කරන්නෙමු. ඒ වෙනුවෙන් ඔබට පළපුරුදු මනෝ උපදේශකවරයකු සුදානම්ව ඇත.
කාට කියන්නද මේ දුක?
ඇත්තටම මම මේ ලිපිය ලියන්න ප්‍රධානතම හේතුව, අද වෙනකොට රටේ ගොඩක් පවුල් අවුල් වෙලා තියෙන්නේ මම මේ කියන්න යන හේතුව නිසා. මොකද කිව්වොත් අද ජීවත් වෙන කෙල්ලොන්ට තියෙන්නේ පොඩි පහේ කමොන්මදයක් නොවේ. ඒත් අද ඉන්න ගොඩක් කොල්ලන්ට කාම ශක්තිය හීන වේගන යන බව, ඒ පිළිබද පර්යේෂණ කරන විද්වතුන් පවසනවා. දැන් ඉතින් මේක කියවන අපේ අහිංසක කොල්ලොටික දුක් වෙන්න එපා දැන් මොකද කරන්නේ කියල. පුද්ගලිකව මට දවසකට කෝල් 2 හෝ 3 ක් එනවා මේ විදියට තමන්ගේ බිරියව සතුටු කරන්න බැරුව දුක් වෙන අය. මම එයාලට උපදේශනය කලාම ගොඩක් හොඳින් තේරුම් අරන් වැඩ කරලා පස්සේ මට ස්තුති කරලත් පණිවුඩ එවනවා.
මේ හීන වේගන යන කාම ශක්තිය දෙතුන් ගුණයකින් වර්ධනය කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියනවා. ඒ නිසා දුක් නොවී මම මේ අඩවියට දාන ලිපි දිගටම කියවන්න.
(විශේෂ නිවේදනයයි: මෙහි එන ලිපි, පහත් මානසික මට්ටමෙන් සිතන පතන අසහනකරුවන්ට නොමිලේ ලබාදෙන මානසික ආතල් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.)

Monday, January 13, 2020

ඔබට දිනක් ඇතුලත ඩෙංගු රෝගය හඳුනා ගත හැක.....

1962 දී පළමු ඩෙංගු රෝගියා හඳුනාගත් දින පටන් දැන් දැන් ඩෙංගු රෝගීන් වැඩිවීමක් දක්නට ලැබේ. දිවයින පුරාම තැනින් තැන ඩෙංගු රෝගීන් පිළිබඳ වර්ථාවේ. මෙලෙස ලංකාව පුරාම පාලනයකින් තොරව පැතිර ඇති ඩෙංගු රෝගය නිසා සතියක් පාසා ඉන් මියයන රෝගීන් පිළිබඳව වාර්තාවේ.

ඩෙංගු ආසාදිත රෝගියකු අධික උණ තත්වයක් පෙන්නුම් කරයි. එනමුත් රෝග ලක්ෂණ රෝගියාගේ වයස අනුව එකිනෙකට වෙනස් තත්වයක් පෙන්නුම් කරයි.

යම්කිසි රෝගියකුට අධික උණ තත්වයන් (40 C -104 F) සමඟ පහත රෝග ලක්ෂණද පෙන්නුම් කරයි නම් ඩෙංගු වැළදී ඇති බවට සැක කල හැක; තද හිස කැක්කුම, ඇස් ඇතුලත එන කැක්කුම , මාංශපේෂී හා සන්දි කැක්කුම, වමනය, ඔක්කරය හා කැසීම් හෝ දද මතුවීම මෙම රෝග ලක්ෂණ වේ.

උණ සෑදී දිනක් තුලදී තමන්ට වැළදී ඇත්තේ ඩෙංගු රෝගයද යන්න නිෂ්චිතවම දැනගත හැක. මේ සඳහා වන පරීක්ෂණය NS - 1 රෝගකාරක පරික්ෂාව ලෙස හැඳින්වේ. රෝගියාගේ රුධීර නියැදියකින් පැය 1/2 ඇතුළත රෝග වාර්ථා විනිශ්චය ලබාගත හැක.

ඩෙංගු ආසාදිත රෝගියකුගේ රුධීර තරලයේ රෝග කාරකය ඇතිබව, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දිනකට පෙර පවා හදුනා ගතහැකිය.මෙය සමහර අවස්ථාවල දින 01 සිට දින 09 දක්වා කාල පරාසයක පිහිටයි. බොහෝ පරීක්ෂකයන් සනාථකර ඇති අන්දමට NS - 1එලීසා රෝගකාරක පරීක්ෂාව වඩාත් නිරවද්‍ය තාවයෙන් හා සංවේදී බවකින් යුක්තය. උණ වැළදුනු පළමු දිනයේම ඔබ පරීක්ෂණය කරන්නේ නම් වඩා වගකීමක් සහිතව 100% නිරවද්‍ය පරීක්ෂණ වාර්ථාවක් ලබාගත හැක.

දෙවන දිනය වන විට පරීක්ෂණ ප්‍රථිඵල නිරවද්‍යතාවය 85.9% කින් පහල බසී. තවද, තුන්වන දින වනවිට නිරවද්‍යතාවය 75% දක්වා පහත වැටෙන අතර ඉන් පසු ලබා ගන්නා පරීක්ෂණ වාර්ථාවල නිරවද්‍යතාවය 50% දක්වා පිරිහෙනු ඇත.

මෙම පරීක්ෂණය පිළිබඳ වන ප්‍රධානම ගැටළුවක් වන්නේ දැනට රජයේ රෝහල් වලින් මෙම පරීක්ෂණය නොමිලේ කරගත නොහැකි වීමයි. මේ අනුව මෙම පරීක්ෂණය පෞද්ගලික අංශයේ රෝහලකින් රුපියල් 1500 -රුපියල් 2000 අතර මුදලක් ගෙවා සිදු කරගතයුතු පරීක්ෂණයකි. කෙසේ නමුත්, ඩෙංගු ආසාදිත වු පමණින් අප කලබලයට පත්විය යුතු නැත. ඩෙංගු ආසාදිත රෝගීන් සුළු පිරිසක් පමණක් බරපතල රෝගී තත්වයකට පත්වීමටත්, ඩෙංගු රක්තපාත තත්වයකට, අධික උණ හා ආතතියටත් පත්වේ. නමුත් ඔබට ඩෙංගු රෝගය වැලදී ඇතැයි සැකකරන්නේ නම් හෝ උණ වැලදී එය දින දෙකකට වඩා පවතීනම් ලඟම ඇති රජයේ හෝ පිළිගත් පෞද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රථිකාර ලබාගත යුතුයි.
ෆෝලික් ඇසිඩ් වල වැදඟත්කම
ෆෝලේට් හා  ෆෝලික් අම්ලය වතුරේ දියවන විටමින් B වර්ගයට අයත් විටමිනයකි. ෆෝලේට් ස්වභාවිකවම ආහාර වල අඩංගු වන අතර ෆෝලික් ඇසිඩ් පිටතින් නිෂ්පාදනය කරන විටමිනයකි.
ෆෝලික් ඇසිඩ් වල කාර්යයන්
1. රතු රුධිරානු සෛල හා සුදු රුධිර සෛල සෑදීමටෆෝලේට් අත්යාවශ්ය වේ.
2. ඇමයිනෝ අම්ල සංස්ලේෂණයේදී විශේෂ B12සමඟ එක් වී ෆෝලේට් විශේෂ මෙහෙයක් ඉටු කරයි.
3. හිමෝග්ලොබින් වල යකඩ සංයුතියට ෆෝලික් ඇසිට් අත්යාවශ්ය වේ.
4. මව් කුස තුල සිටින කලළයේ හා දරුවාගේ ස්නායු පද්ධතියේ මෙන්ම මොළයේ වර්ධනයට ෆෝලික් ඇසිට් ඉවහල් වේ.
5. පිළිකා රෝග වැළදීමේ අවදානම අඩු කරයි.
6. හදවත් රෝගීන්ගේ අවධානම අඩු කරයි.
දිනකට ෆෝලික් අම්ලය 5mg ප්රමාණයක් අවශ්ය වේ. එසේ නමුදු කිරි දෙන හා ගර්භනී මවකට මෙම ප්රමාණ අතිරේකව ලබා ගත යුතු බව වෛද්ය මතයයි. කාන්තාවක් ගර්භනී මවක් වීමට මාස 3 කට පමණ පෙර මෙම ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුය. මන්ද යත් ගර්භනී සමයේ මුල් අවධියේ දරු ගැබෙහි ස්නායු නාල හා මොළයේ සෛල වර්ධනයට මෙම ෆෝලික් ඇසිඩ් උපකාරි වන අතරම දරු ගැබද ආරක්ෂා කිරීමට උපකාරි වේ.
👉ෆෝලේට් අඩංගු ආහාර
නිවිති, ගෝවා, සෝයා බොංචි හා ඒ ආශ්රිත නිෂ්පාදන, තිරිඟු නිෂ්පාදන , රටකජු , කඩල, මල්ගෝවා, අලිපේර, ගස්ලබු ආදී ආහාර වල මෙන්ම කොළ පැහැති එළවළු හා පලා වර්ග වල ය.
ෆෝලික් ඇසිඩ් වල ඌනතාවයන් නිසා👇
1. DNA සංස්ලේෂණය දුර්වල වන අතර නීරක්තිය ඇතිවේ.
2. බර අඩු වීම, නොමේරූ දරු උපත් ඇතිවීම දැකිය හැකිය.
3. දරු ගැබෙහි ස්නායු සෛල හා මොළයේ සෛල වර්ධනය අඩාල වේ.
කෙසේ වෙතත් පිටතින් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමේදී වකුගඩු රෝගීන් හා ඖෂධ වලට ආසාත්මිකතා ඇති පුද්ගලයන් වෛද්ය උපදෙස් ලබා ගැනීම යෝග්ය වේ.

ලිංගික ආශ්‍රීත රෝග ගැන ඔබ දැනුවත්ද?


ලිංගික රෝගයන්ට ගොදුරැ වන්නන් අතර වයස අවුරුදු 25 - 49 වයසේ පසුවන කාන්තාවන් සහ වයස අවුරුදු 15 සිට අවුරුදු 50 දක්වා වයසේ පසුවන පිරිමින් වැඩිපුර වාර්තා වෙන බව වාර්තාවේ.
මේ නිසා එච්.අයි.වී (ඒඩ්ස්) රෝගය හැර බහුලව වාර්තා වෙන රෝග කිහිපයක් ගැන විස්තර දේශය පාඨක ඔබ වෙත තිලිණ කිරීමටයි මේ උත්සාහය. බහුලම ලිංගික රෝග 5ක් ලෙස,
ගොනෝරියා (සුදු බිංදුම), ලිංගික හර්පිස්, උපදංශය (සිපිලිස්), ලිංගික ඉන්නන් සහ ක්ලැමීඩියා හඳුන්වන්න පුළුවනි. මෙම රෝග සියල්ලක්ම පාහේ ඇතිවනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් බව මතක තබා ගන්න.
01 - ක්ලැමීඩියා
ක්ලැමීඩියා ට්රයිකොමොනාලිස් නම් බැක්ටීරියා මගින් පැතිරෙන මෙම රෝගය, රෝගය සහිත කෙනෙකු සමඟ යෝනි, ගුද, මුඛ සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.
රෝග ලක්ෂණ
ආසාදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතක් විසි එකක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ.
ස්ත්රීන්ගේ යෝනි ශ්රාවයක් ගැලීම හෝ ඔසප් වාර අතර යෝනියෙන් ලේ යෑම.
මුත්රා කිරීමේදී දැවිල්ල ඇතිවීම
මුත්රා පිටවීම
උදර ප්රදේශයේ වේදනාව
ඇතැම්විට උණ සහ ඔක්කාරය
මේ රෝගය නිසා ස්ත්රී පුරුෂ දෙපාර්ශවයම වඳභාවයට පත්විය හැක.
ක්ලැමීඩියා රෝගයට ගොදුරු වූ මවකට උපදින දරුවාට ද එය බෝවිය හැක. ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවන බැවින්, රෝගය හඳුනාගෙන ප්රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය.
02 - හර්පීස්
හර්පීස් කම්ප්ලෙක්ස් වෛරසය මඟින් පැතිරෙන හර්පීස් රෝගය නිරෝගී කෙනෙකුට බෝවීනම සිදුවන්නේ යෝනි, ගුද හෝ මුඛ සංසර්ගයෙහි යෙදීමෙනි.
කලාතුරකිකන් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් ඇතිවිය හැකිය.
රෝග ලක්ෂණ
(ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදී දින 1 – 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැක.)
ලිංගේන්ද්රය මතුපිට ඇතුළත හෝ මුඛයේ ඉතා වේදනාකාරී කුඩා දිය බිබිළි මතුවිය හැක.
ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ.
මෙම දිය බිබිළි සති එකත් තුනක් අතර කාලයක් පවතී.
උණ
වසා ගැටිති ඉදිමීම හෝ වේදනා දීම
හර්පීස් නිට්ටාවටම සුව කළ නොහැකියි. වෛරසය සිරුර තුළ පවතින බැවින් වරින් වර බිබිළි මතුවිය හැකියි.
රෝගය හටගන්නාවිට දරුවකු කුස පිළිසිඳගෙන සිටිය හොත් උපදින දරුවාට මොළේ උණ සෑදිය හැක.
03 - ගොනෝරියා/ සුදු බිංදුම
බැක්ටීරියාවක් මඟින් ඇතිවෙන ගොනෝරියා රෝගය ගොනෝරියා සහිත අයකු සමඟ මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝ විය හැක. මෙම බැක්ටීරියාව ගැබ් ගෙල, මුත්රා නාල, ගුද මාර්ගය, උගුර සහ ඇසෙහි සිවිය ආදියට ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බව වෛද්ය විද්යාත්මකව පෙන්වා දී තිබේ.
රෝග ලක්ෂණ
(ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින (2-21) අතරදී රෝග ලක්ෂණ මත්වේ.)
ස්ත්රීන්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්රාවය පිටවේ.
මුත්රා කිරීමේදී හෝ මළපහ කිරීමේදී දැවිල්ල හෝ වේදනා සහිත බව.
අස්වාභාවික ඔසප් වීම
ඔසප්වීම අතර ලේ පිටවීම
යටි බඩ වේදනාව
කෙණ් ඩ පෙරලීම
ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශිශ්ණයෙන් කහ හෝ සුදු ශ්රාවයක් පිටවීම, මුත්රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් දැනීම, නිතර නිතර මුත්රා කිරීමට අවශය වීම වැනි රෝග ලක්ෂණ මතුවේ.
ප්රතිකාර නොගැනීමෙන් විය හැකි ප්රතිඵල
වඩා තදබල ආසාදන ඇති කළ හැකිය.
ප්රජනන ඉන්ද්රියන්ට හානි පමුණුවයි.
ස්ත්රී පුරුෂ දෙපාර්ශවයටම දරුඵල නැතිවිය හැකිය.
ගොනෝරියා සහිත මවක් නිසා දරු ප්රසූතියේදී දරුවාගේ ඇසෙහි යෝනි තරල තැවරීමෙන් දරුවාට අන්ධභාවය ඇතිවිය හැක.
04 - සිපිලිස්
ට්රෙපෙනිමා පැලිඩම් නැමැති බැක්ටීරියා විශේෂය මඟින් පැතිරෙන සිපිලිස් රෝගය සහිත අයකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් පැතිරෙයි. මෙහි රෝග ලක්ෂණ අවධි තුනක් යටතේ රෝග ලක්ෂණ ඇතිවේ.
මුල් අවධිය - ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින නවයත් අනූවත් අතර රෝග ලක්ෂණ මතුවෙයි. මුඛයේ, ලිංගේන්ද්රයේ, පයෝධර හෝ ඇගිලිවල වේදනා රහිත රත් දුඹුරු තුවාලයක් හෝ තුවාල, ඉකිලිවල වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ අතර වේ.
තුවාලය සති එකත් පහත් අතර පවතී. තුවාලය සුව වුව ද ආසාදිතයා රෝගයෙන් පෙලේ.
පළමු අවධියේ දී නිසි ප්රතිකාර නොලද විට සති හයකට පමණ පසු රෝගය දෙවන අවධිය කරා යනු ලැබේ. මේවන විට ද්විතීක රෝග ලක්ෂණ මතුවේ.
ශරීරයේ ඕනෑම තැනක හමේ පලු ඇතිවේ. මෙය මුහුණ, ඇඟ, අත්ල, පතුල පිට ආදි ආදි අවයවවල වැඩිදුර දැකිය හැකිය.
05 - ලිංගික ඉන්නන්
හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.
රෝග ලක්ෂණ
ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.
ලිංගේන්ද්රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී.
ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.
ප්රතිකාර නොගැනීමෙන්
ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ. ආසාදිත මවකගෙන් ප්රසූතියේදී දරුවාට බෝවිය හැකිය.
ගැබිගෙල පිළිකාවන්ට මුල පෑදිය හැකිවේ.
සැළකිය යුතුය.
ලිංගික රෝග ගොදුරු වන බොහෝ රෝගීන් රහස්යභාවය හෙළිවේ යැයි සිතා ප්රතිකාර සඳහා යොමු වන්නේ නැත.
නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැක. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්යවරයකු වෙත ප්රතිකාර සඳහා යොමු වන්න.
ඔබේ පවුලේ වෛද්යවරයා... 🙏