P.C.O.S ගැන දැනගනිමු
ඊයේ සවස අපේ ස්වාමින් වහන්සේගේ භූමදාන පිංකමට ගියා (මරණයට අදාල නීත්‍යානුකූල කටයුතු ඉදිරියටත් තිබෙන නිසා එම දේහය භූමදානය කිරීමට කටයුතු යොදා තිබුනේ) , ගමේම පිරිස , විශේෂයෙන් තරුණ පිරිස හරිම සංවේගයෙන් ඒත් හරිම ගෞරවයෙන් එම කටයුතු වලට දායක වෙලා තිබුණ , ..... හික්කඩුව නාරිගම ප්‍රදේශයේ සුන්දර බිම් කඩකදි උන් වහන්සේ අපට “සියලු දේ අනිත්‍ය“ බව නැවත පසක් කර දෙමින් වැලි තලාවක් යට නිසලව වැතිරුනා ......ගමේ පිරිස තවමත් එතැන .....දරා ගන්න අදහා ගන්න බැහැ කාටවත් සිදුවුනේ කුමකුදැයි ....
“මුලින්ම බෙහෙත් විද්දනම් බේර ගන්න තිබුණලු නේද ? ......“ වැලි තලාවක තැනුනු සොහොන් වල මත කොන්ක්‍රීට් තට්ටුවක් දමන්නට වෙහෙසෙන තරුණ දරුවන් දිහා බලා ගෙන කල්පනාවෙ සිටි මගේ සිතුවිලි බිද දමමින් ...තරුණයෙක් මට කොදුරනවා දැනුනා , ... මට මතකයි මේ තරුණයා , හාමුදුරුවො රෝහලට ගෙනා වෙලාවෙ ඉදල හරියට මහන්සි වුනා ,
“ඔව් , සතා කාපු දවසෙම හොස්පිටල් එකට ආවනම් බෙහෙත් විදගන්න තිබුණා , ...මේ.......මේ මහත්තයත් හරියට මහන්සි වුවා මට මතකයි ......, “
“ඔව් මහත්තයා , මේ හමුදුරුවන්ට මෙයා පණ ......පන්සලේ මොකක්ද තියෙන්නේ නැහීගෙන වැඩ ..උදේද රෑද නෑ .......ඒවත් කරන් එපායෑ නේද .....“ මේ තරුණ මහත්මයාගේ බිරිද කතාවට එක් වුනා .....තරුණ මහත්මය දුක් පිරුණූ මුහුණට අහිංසක සිනාවක් නගල මාත් එක්ක හිනා වුනා ....
මේ තරුණ මහත්මයට වයස විසි පහක් විතර ඇති , ඒත් බිරිද හුගක් වයසයි වගේ , හරිම තරබාරුයි , පෙනුමත් කතාවත් ටිකක් පිරිමියෙක්ගේ වගේ ..... මේ සිදුවීම් අතරේ මට පුංචි සැකයක් ආව .....මේ කාන්තාවට PCOS ද කියල ....ඒත් මට ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න බැහැ වගේම උපදෙස් දෙන්න තරම් වෙලාවකුත් නොවෙයිනේ ....ඒත් මම හිතාගත්ත ඊලග post එකට මේ මාතෘකාව ගන්න ඕන කියල .... මොකද මෙම ගැටලුව මම දන්න හුගක් අයට තිබෙන බව දැන ගන්න ලැබිල තියෙනවා ... විශේෂයෙන්ම මගේ බිරිදගේ කාර්ය මණ්ඩලය අතරෙත් ...පොතේ හැටියටම කිව්වොත් පරිනත කාන්තාවන්ගෙන් 10-20 අතරින් එක් අයෙක් මෙම රෝග තත්තවයෙන් පෙළෙනවා..
තරබාරුවේ තරම....
අපි දැන් කතා කරමු මෙම රෝග තත්ත්වය ගැන ........ මොකක්ද මේ P.C.O.S කියන්නේ ?
....කෙටියෙන් කිව්වොත් ....කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇති වන ගෙඩිති විශේෂයක් නිසා ඇති වන අසාමාන්‍ය රෝග ගණනාවක එකතුවක් .......සාමාන්‍යයෙන් මෙවැනි ගෙඩිති cyst ඩිම්බ කෝෂ වල තිබුනත් මෙහිදී ඒවා සංඛ්‍යාවෙන් වගේම ප්‍රමාණයෙනුත් අසාමාන්‍ය වෙනවා.
මේ අය හරිම මහතයි තරබාරුයි ..... B.M.I. දර්ශකය මතක නම් එහි අගය 28-30 වගේ තත්ත්වයකට පත් වෙනවා ....ඒත් මේ අය කියන දෙයක් තමයි “අනේ මම ගොඩාක් කන්නෙත් නැහැ ...එත් මහත් වෙනව අනේ ....“ , ඒ විතරක් නොවෙයි මුහුණ පුරාම කුරුළෑ එනව ...කළුපාට ලප හැදෙන්නත් පටන් ගන්නවා ....බෙල්ල , අත් යට උදරයේ එල්ලා වැටෙන මස් රැළිති ඇතිවෙනව .......එක්තරා විදියකට කිව්වොත් රූප ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා
.....තව තව කරදර ගොඩයි ...ඔවුන්ගේ මාසික ආර්තවය කිසිදු පිළිවෙලක් නැහැ ....එක් වතාවක දින 28කින් සිදුවන ආර්තවය ඊළග වතාවේ දින 20කින් එහෙම නැත්නම් සිදුවන්නේම නැහැ ...ඔය වගේ ආර්තවය චක්‍රය සම්පූර්ණයෙන් අවිධිමත් වෙනවා ....එහි අනතුරක් තියෙනවා ....මෙම කාන්තාවන්ගේ දරුවන් පිළිසිද ගැනීමේ හැකියාව අඩුවෙනවා ....ඒ කියන්නෙ එක්තරා විදියක ඌන සපලතාව සහිත කාන්තාවක් වීමේ අවදානමක් තියෙනවා....
අපි මේ අයත් එක්ක කතා කළොත් කියන තව වැදගත් දෙයක් තමයි “වරින් වර තද කොන්දේ කැක්කුමක් එනවා ...ඒ වගේම හරියට තරහ යනවා .....කේන්තිය පාලනය කරගන්න බැහැ වගේ දැනෙනවා කියන එක “ , ඒ වගේම ටිකක් පිරිමි ගති ලක්ෂණත් එනවා ..ඒකියන්නේ පපුවේ , මුහුණේ වගේ තැන් වල රෝම , කෙස් හැදෙන්න පටන් ගන්නවා , ඒ එක්කම කොන්ඩෙ යන එක වැඩි වෙලා තට්ටය පෑදෙන්න වගේ එනවා ....
ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ (පහළ - රෝගය සහිත ඩිම්බ කෝෂය)
ගොඩාක් කතා කළා ...අපි දැන් මීට අදාල ජෛව විද්‍යාත්මක රූප සටහන් ටිකක් බලමු....
ගොඩාක් කතා කළා ...අපි දැන් මීට අදාල ජෛව විද්‍යාත්මක රූප සටහන් ටිකක් බලමු....
මෙහෙම වෙන්න නිශ්චිතම හේතුවක් තවම සොයාගෙන නැතත් පරම්පරාවෙන් යන එහෙම නැතිනම් ජානමය වශයෙන් ගමන් කරන තත්ත්වයක් කියල සැක කරනවා , මේකෙදි වන්නේ අර විදියට කුඩා ගෙඩිති විශාල සංඛ්‍යාවක් හැදෙන ඩිම්බ කෝෂයෙන් සාමාන්‍යයෙන් දේහයට අවශ්‍ය තරමට වඩා “ඇන්ඩ්‍රජන්“ කියන හෝමෝනය හදනවා , ඒකෙන් තමයි අර පිරිමි ලක්ෂණ එහෙම ඇති කරන්නේ ...ඒ වගේම ආර්තවය වෙනස් කරන්නෙත් දරුවෙක් පිළිසිද ගැනීමේ හැකියාව අඩු කරන්නෙත් ඒ “ඇන්ඩ්‍රජන් හෝමෝනය“....ඊට අමතරව අපි කවුරුත් දන්න “ඉන්සියුලින් හෝමෝනයත් “ මෙම ලක්ෂණවලට දායක වෙනවා...
ඔබේ වෛද්‍යවරයා හමුවන්න
දැන් ඔබටත් හිතේ පුංචි බයක් ඇති වුනාද මන්ද? .... මේ වගේ ලක්ෂණ තිබුණු පමණින්ම ඒ P.C.O.S කියල කියන්නම බැහැ , හැබැයි සැක කරන්න පුලුවන් ....දැන් ඔබ කළයුතු දේ තමයි ඔබේ වෛද්‍යවරයා හමුවීම ....සාමාන්‍ය යෙන් පවුලේ වෛද්‍යවරයා තමයි වඩාත්ම හොද , ඒත් ලංකාවේ අපට විශේෂඥ වෛද්‍යවරයා වෙත පහසුවෙන් ලගා වීමේ හැකියාව තියෙන නිසා උපදෙසක් විදියට මෙහෙම කියන්නම් ...“මේ වගේ රෝග ලක්ෂණ තියෙනව නම් ප්‍රමාද කරන්නේ නැතිව විශේෂඥ නාරිවේද Consultant Gynecologist කෙනෙක් හමුවෙලා උපදෙස් , ප්‍රතිකාර ගන්න , ඔහු ඔබගේ උස , බර , සාමාන්‍ය දේහ පරීක්ෂාවක් කරල ....සැක සහිත නම් scanning පරීක්ෂණයක් කරාවි ....එහිදි ඩිම්බ කෝෂ වල ස්වභාවය ....ගෙඩිති වල තත්ත්වය හදුනාගන්න පුලුවන් .....රැධිර පරීක්ෂණ කිහිපයකුත් කරාවි ( මේවා හෝමෝන පරීක්ෂාවන් නම් ටිකක් මිළ අධික පරීක්ෂාවන් බවත් කියන්න ඕන)
දැන් ඔබටත් හිතේ පුංචි බයක් ඇති වුනාද මන්ද? .... මේ වගේ ලක්ෂණ තිබුණු පමණින්ම ඒ P.C.O.S කියල කියන්නම බැහැ , හැබැයි සැක කරන්න පුලුවන් ....දැන් ඔබ කළයුතු දේ තමයි ඔබේ වෛද්‍යවරයා හමුවීම ....සාමාන්‍ය යෙන් පවුලේ වෛද්‍යවරයා තමයි වඩාත්ම හොද , ඒත් ලංකාවේ අපට විශේෂඥ වෛද්‍යවරයා වෙත පහසුවෙන් ලගා වීමේ හැකියාව තියෙන නිසා උපදෙසක් විදියට මෙහෙම කියන්නම් ...“මේ වගේ රෝග ලක්ෂණ තියෙනව නම් ප්‍රමාද කරන්නේ නැතිව විශේෂඥ නාරිවේද Consultant Gynecologist කෙනෙක් හමුවෙලා උපදෙස් , ප්‍රතිකාර ගන්න , ඔහු ඔබගේ උස , බර , සාමාන්‍ය දේහ පරීක්ෂාවක් කරල ....සැක සහිත නම් scanning පරීක්ෂණයක් කරාවි ....එහිදි ඩිම්බ කෝෂ වල ස්වභාවය ....ගෙඩිති වල තත්ත්වය හදුනාගන්න පුලුවන් .....රැධිර පරීක්ෂණ කිහිපයකුත් කරාවි ( මේවා හෝමෝන පරීක්ෂාවන් නම් ටිකක් මිළ අධික පරීක්ෂාවන් බවත් කියන්න ඕන)
ඔබේ රෝග තත්ත්වය මේ යැයි සනාථ වුනොත් වෛද්‍යවරයා ඔබට ඖෂධ ප්‍රතිකාර , විශේෂයෙන්ම හෝමෝනමය “උපත් පාලන පෙති “ විශේෂයක් ලබා දේවි ...දැන් ඔබ බලාවි ඇයි මේ උපත් පාලන පෙති කියලා .....එමගින් තමයි අර අක්‍රමවත් වූ ආර්තවය චක්‍රය නැවත නිසි ක්‍රියාකාරීත්වයට ගන්නේ....ඊට අමතරව ඔබේ බර අඩු කරගන්නට උපදෙස් සහ ආහාර පාලනය ගැනත් කියල දෙනවා , ආර්තවය සම්බන්ධ ගැටලු හොදින් සමථයකට පත්වෙන්න නම් ඔබේ බරින් 10%ක්වත් අඩු කළ යුතු වෙනවා ...සමහර විට දියවැඩියාවට දෙන “මෙට්ෆොමින් “ පෙතිත් දෙනවා ...බය වෙන්න එපා ඒ ඔබට “දියවැඩියාව“ නිසා නොවෙයි ....සමහර විට ඒ වගේම තත්ත්වය තරමක් උග්‍රනම් ඔබට ශල්‍යකර්මයක් වුනත් කරන්නට ඉඩ තිබෙනවා , බය වෙන්න එපා ....ඒක බොහෝවිට උදරයේ පුංචි කැපුමක් හරහා කරන Laparoscopic surgery එකක් ....ඒ කියන්නේ විශේෂිත උපකරණයක් දේහය තුලට ඇතුලු කරලා අර ඩිම්බ කෝෂයේ වෙනසක් කිරීමක් කරනවා.....
දැන් මේ දිග ලිපිය කියනව ඔබ මගෙන් අසාවි ...මෙයට ප්‍රතිකාර ගන්නම ඕනද කියලා ? ඔව් ප්‍රතිකාර ගත යුතුමයි ....මක්නිසාද නැතිනම් ඔබේ රුව , බර වගේම හිතේ ස්වභාවයත් හරිම කරදරකාරී විදියට වෙනස් වෙනවා ... ඒ විතරක් නොවෙයි අනාගතයෙදි ඔබට දියවැඩියාව , අධීරුධීර පීඩනය වගේම හෘදයාබාධත් ඇති වෙන්න ලොකූ අවදානමක් තිබෙනවා....ඒ වගේද කාන්තාවකට මෙලොව තියෙන සුන්දරතම බලාපොරොත්තුව “සුන්දර දරු පැටියෙක් “බිහි කර අම්මා කෙනෙක් වීමේ බලා පොරොත්තුවත් යම් අවදානමකට ලක් වෙනවා ...දරුවෙක් බිහිවුනත් එම දරුවා නිරෝගි දරුවෙක් විදියට බිහිවීමේ අවස්ථාව අඩුයි
...එසේ නම් මෙම P.C.O.S හෙවත් Poly Cystic Ovary Syndrome ගැන මගේ කතාව මෙතෙකින් අවසන් කරනවා ....කියවූ ඔබ සැමට ස්තුතියි.....
මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........
No comments:
Post a Comment