Monday, January 13, 2020

ඔබට දිනක් ඇතුලත ඩෙංගු රෝගය හඳුනා ගත හැක.....

1962 දී පළමු ඩෙංගු රෝගියා හඳුනාගත් දින පටන් දැන් දැන් ඩෙංගු රෝගීන් වැඩිවීමක් දක්නට ලැබේ. දිවයින පුරාම තැනින් තැන ඩෙංගු රෝගීන් පිළිබඳ වර්ථාවේ. මෙලෙස ලංකාව පුරාම පාලනයකින් තොරව පැතිර ඇති ඩෙංගු රෝගය නිසා සතියක් පාසා ඉන් මියයන රෝගීන් පිළිබඳව වාර්තාවේ.

ඩෙංගු ආසාදිත රෝගියකු අධික උණ තත්වයක් පෙන්නුම් කරයි. එනමුත් රෝග ලක්ෂණ රෝගියාගේ වයස අනුව එකිනෙකට වෙනස් තත්වයක් පෙන්නුම් කරයි.

යම්කිසි රෝගියකුට අධික උණ තත්වයන් (40 C -104 F) සමඟ පහත රෝග ලක්ෂණද පෙන්නුම් කරයි නම් ඩෙංගු වැළදී ඇති බවට සැක කල හැක; තද හිස කැක්කුම, ඇස් ඇතුලත එන කැක්කුම , මාංශපේෂී හා සන්දි කැක්කුම, වමනය, ඔක්කරය හා කැසීම් හෝ දද මතුවීම මෙම රෝග ලක්ෂණ වේ.

උණ සෑදී දිනක් තුලදී තමන්ට වැළදී ඇත්තේ ඩෙංගු රෝගයද යන්න නිෂ්චිතවම දැනගත හැක. මේ සඳහා වන පරීක්ෂණය NS - 1 රෝගකාරක පරික්ෂාව ලෙස හැඳින්වේ. රෝගියාගේ රුධීර නියැදියකින් පැය 1/2 ඇතුළත රෝග වාර්ථා විනිශ්චය ලබාගත හැක.

ඩෙංගු ආසාදිත රෝගියකුගේ රුධීර තරලයේ රෝග කාරකය ඇතිබව, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දිනකට පෙර පවා හදුනා ගතහැකිය.මෙය සමහර අවස්ථාවල දින 01 සිට දින 09 දක්වා කාල පරාසයක පිහිටයි. බොහෝ පරීක්ෂකයන් සනාථකර ඇති අන්දමට NS - 1එලීසා රෝගකාරක පරීක්ෂාව වඩාත් නිරවද්‍ය තාවයෙන් හා සංවේදී බවකින් යුක්තය. උණ වැළදුනු පළමු දිනයේම ඔබ පරීක්ෂණය කරන්නේ නම් වඩා වගකීමක් සහිතව 100% නිරවද්‍ය පරීක්ෂණ වාර්ථාවක් ලබාගත හැක.

දෙවන දිනය වන විට පරීක්ෂණ ප්‍රථිඵල නිරවද්‍යතාවය 85.9% කින් පහල බසී. තවද, තුන්වන දින වනවිට නිරවද්‍යතාවය 75% දක්වා පහත වැටෙන අතර ඉන් පසු ලබා ගන්නා පරීක්ෂණ වාර්ථාවල නිරවද්‍යතාවය 50% දක්වා පිරිහෙනු ඇත.

මෙම පරීක්ෂණය පිළිබඳ වන ප්‍රධානම ගැටළුවක් වන්නේ දැනට රජයේ රෝහල් වලින් මෙම පරීක්ෂණය නොමිලේ කරගත නොහැකි වීමයි. මේ අනුව මෙම පරීක්ෂණය පෞද්ගලික අංශයේ රෝහලකින් රුපියල් 1500 -රුපියල් 2000 අතර මුදලක් ගෙවා සිදු කරගතයුතු පරීක්ෂණයකි. කෙසේ නමුත්, ඩෙංගු ආසාදිත වු පමණින් අප කලබලයට පත්විය යුතු නැත. ඩෙංගු ආසාදිත රෝගීන් සුළු පිරිසක් පමණක් බරපතල රෝගී තත්වයකට පත්වීමටත්, ඩෙංගු රක්තපාත තත්වයකට, අධික උණ හා ආතතියටත් පත්වේ. නමුත් ඔබට ඩෙංගු රෝගය වැලදී ඇතැයි සැකකරන්නේ නම් හෝ උණ වැලදී එය දින දෙකකට වඩා පවතීනම් ලඟම ඇති රජයේ හෝ පිළිගත් පෞද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රථිකාර ලබාගත යුතුයි.

No comments:

Post a Comment