ෆෝලික් ඇසිඩ් වල වැදඟත්කම
ෆෝලේට් හා ෆෝලික් අම්ලය වතුරේ දියවන විටමින් B වර්ගයට අයත් විටමිනයකි. ෆෝලේට් ස්වභාවිකවම ආහාර වල අඩංගු වන අතර ෆෝලික් ඇසිඩ් පිටතින් නිෂ්පාදනය කරන විටමිනයකි.
ෆෝලික් ඇසිඩ් වල කාර්යයන්
1. රතු රුධිරානු සෛල හා සුදු රුධිර සෛල සෑදීමටෆෝලේට් අත්යාවශ්ය වේ.
2. ඇමයිනෝ අම්ල සංස්ලේෂණයේදී විශේෂ B12සමඟ එක් වී ෆෝලේට් විශේෂ මෙහෙයක් ඉටු කරයි.
3. හිමෝග්ලොබින් වල යකඩ සංයුතියට ෆෝලික් ඇසිට් අත්යාවශ්ය වේ.
4. මව් කුස තුල සිටින කලළයේ හා දරුවාගේ ස්නායු පද්ධතියේ මෙන්ම මොළයේ වර්ධනයට ෆෝලික් ඇසිට් ඉවහල් වේ.
5. පිළිකා රෝග වැළදීමේ අවදානම අඩු කරයි.
6. හදවත් රෝගීන්ගේ අවධානම අඩු කරයි.
දිනකට ෆෝලික් අම්ලය 5mg ප්රමාණයක් අවශ්ය වේ. එසේ නමුදු කිරි දෙන හා ගර්භනී මවකට මෙම ප්රමාණ අතිරේකව ලබා ගත යුතු බව වෛද්ය මතයයි. කාන්තාවක් ගර්භනී මවක් වීමට මාස 3 කට පමණ පෙර මෙම ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුය. මන්ද යත් ගර්භනී සමයේ මුල් අවධියේ දරු ගැබෙහි ස්නායු නාල හා මොළයේ සෛල වර්ධනයට මෙම ෆෝලික් ඇසිඩ් උපකාරි වන අතරම දරු ගැබද ආරක්ෂා කිරීමට උපකාරි වේ.
👉ෆෝලේට් අඩංගු ආහාර
නිවිති, ගෝවා, සෝයා බොංචි හා ඒ ආශ්රිත නිෂ්පාදන, තිරිඟු නිෂ්පාදන , රටකජු , කඩල, මල්ගෝවා, අලිපේර, ගස්ලබු ආදී ආහාර වල මෙන්ම කොළ පැහැති එළවළු හා පලා වර්ග වල ය.
ෆෝලික් ඇසිඩ් වල ඌනතාවයන් නිසා👇
1. DNA සංස්ලේෂණය දුර්වල වන අතර නීරක්තිය ඇතිවේ.
2. බර අඩු වීම, නොමේරූ දරු උපත් ඇතිවීම දැකිය හැකිය.
3. දරු ගැබෙහි ස්නායු සෛල හා මොළයේ සෛල වර්ධනය අඩාල වේ.
කෙසේ වෙතත් පිටතින් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමේදී වකුගඩු රෝගීන් හා ඖෂධ වලට ආසාත්මිකතා ඇති පුද්ගලයන් වෛද්ය උපදෙස් ලබා ගැනීම යෝග්ය වේ.
No comments:
Post a Comment